පනත පිළිබද ඌව පුරවැසි කතිකාව - පළ වුණු මතවාද,-අදහස් හා යෝජනා සංක්ෂේපය

කතිකා 03_ ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබද ස්වාධීන මණ්ඩල පනත පිළිබද පුරවැසි කතිකාව ඌව කතිකාව

දිනය 2017 මැයි 21 ඉ රිදා

වෙලාව ප.ව. 3.00_5.00

ස්ථානය පුස්තකාල සේවා මණ්ඩ්ල ශ්‍රවණාගාරය, බදුල්ල.

පහසුකම් සැලසීමේ දායකත්වය ජනමාධ්‍ය ප්‍රතිව්‍යහගතකරණය සදහා වන ජාතික ලේකම් කාර්යාලය


ප්‍රවෘත්ති නියාමනය හා ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත පිළිබද එදින පළ වුණු මතවාද,අදහස් හා යෝජනා සංක්ෂේපය පහත දැක්වේ.

  • විවිධ ජනමාධ්‍ය පවසන සියල්ල සත්‍යය ලෙස සමාජගත වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.රූපවාහිනි නෝනා මහත්තුරු න්ට අනුව ග්‍රාහකයන් බුද්ධිමතුන් නොවන බවයි.සමහර සාකච්ජාවලදී ප්‍රතිවිරුද්ධ මත දරන්නන් ගේ සහභාගීත්වයක් ඇත්තේම නැත.කෙටුම්පත් කළ ලියවිල්ල පිළිබද ගැටලුවක් නැත.නමුත් , ලංකාවේ පූර්වාදර්ශ අනුව මේවා ක්‍රියාත්මක වීම සැකසහිතයි.
  • මාධ්‍ය ය පිළිබද මෙම කතිකාව අතිශය වැදගත් එකකි. ඒ සදහා ප්‍රමාද වැඩි බවත් හැගෙයි. ප්‍රවෘත්ති විකෘතිව හෝ නිවැරදි නොවන ලෙස පළ කිරීමෙන් ඉක්බිතිව හානි පූරණය දුෂ්කරය. ඒ සදහා දැනට පවතින ක්‍රියාවලියද මන්දගාමී එකකි.එනිසා, 100% ක් නොවුණද, ප්‍රවෘත්තියක් අවම වශයෙන් 80% ක් හෝ නිරවද්‍ය වීම අත්‍යවශ්‍ය වේ.
  • පනතේ අන්තර්ගතය හා මෙහිදී සංවාදයට පාත්‍ර වූයේ , මාධ්‍ය භාවිතයේ අඩු ලුහුඩුතා පමණි. නමුත් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ජාතික මාධ්‍ය මගින් රටට වැදගත් කරුණු හෙළිදර්වු කිරීම අවධානයට ලක් නොවීය.ප්‍රාදේශීය මාධ්‍යවේදියා සම්බන්ධ්ව මීට වඩා අවධානයක් යොමු විය යුතුය.
  • පූර්වෝක්ත අදහසට තරයේ විරුද්ධ වනු සුදුසුය. ප්‍රාදේශීය වාර්තාකරණයේදී සිදු වන්නේ, පොලිසියට ගොස් පුවත් සොයාගැනීමත් වාර්තාකරණයත් ය. ඌව සම්බන්ධ කරගනිමින් මිථ් යා මත ව්‍ය ආප්තියටත් ඔවුහු දායක වූහ.පශ්චාත් යුද සමයෙහි පැවැත්වූ වැඩමුළුවකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලුව වූයේ වත්තට රිලවු පැනීමයි.සමහරුන් නිවැරදි නොවන පුවත් පළ කර, ඒ පිළිබද නිවැරදි කිරීමකට හෝ දායක නොවීම කණගාටුදායකයි.
  • සිරසහිරු ආදී පක්ෂග්‍රාහී නාලිකා විචාරාත්මක,නිරවද්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදීම ගැන ඇත්තේ උත්ප්‍රාසයකි.
  • පුවත්පතක ප්‍රධාන සංස්කාරක එහි අන්තර්ගත සියලු වෙළෙද දැන්වීම් සම්බන්ධයෙන්ද වගකිව යුතුයි.
  • ජාතිවාදී කෝලහල කීපයක් ඇතිවුණු රටක මාධ්‍ය වාර්තාකරණයේදී ඉතා සංවේදී හා සැලකිලිමත් විය යුතුයි. මෙම පනත අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලාශ්‍ර සොයා ගැනීමට යොමු වෙද්දී සිදු විය යුතු හානිය සිදුවී හමාරයි. එනිසා, වාර්තාකරණය සිදුවන්නට පෙරාතුව හෝ හානියක් සිදුවීමට ප්‍රථමයෙන් එය වළක්වා ලීමට ගත යුතු පියවර පනත තුළට අන්තර්ගත විය යුත්තේය.
  • වෙළෙද දැන්වීම් සම්බන්ධව නියාමනයක් අත්‍යඅවශ්‍ය වේ.මාධ්‍ය සදහා ප්‍රතිපාදාන ලබාදීමෙන් හෝ ඔවුන්ව ව්‍යආපාර කිරීමෙන් වළක්වාලිය යුතුයි.
  • ප්‍රවෘත්ති වාර්තාකරණයේදී කෙතරම් වැරදි සිදුවන්නේද යත්,ජනාධිපතිතුමන්ටත් මෙ ප්‍රවෘත්ති නිවැරදි නොවන බව පැවසීමට සිදුව ඇත. මෙ තත්ත්වයෙන් අත්මිදීමට කටයුතු කළ යුතුයි.
  • සමහරක් හදිසි අව්ස්ථාවලදී තරගකාරිත්වය නිසා,වැරදි සංඛ්‍යඅ දත්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතින් නිකුත් වෙන බව සත්‍යය. මීරියබැද්ද ඊට හොද උදාහරණයකි.දිස්ත්‍රි ලේකම් කා රyආලය නිවැරදි දත්ත නිකුත් කරන තුරු මහජනතාව ලබාදුන් තොරතුරු මත වාර්තාකරණයේ නිරත වීමට සිදු විණි.
  • බොහෝ දෙනා මාධ්‍ය නිසා සිය දිවියේ අනපේක්ෂිත ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. කවුරුත් මාධ්‍ය යේ දොස් දකින්නේ තමන්ට අසාධාරණයක් වූ විට පමණි.මධ්‍යයේ මෙහෙවර ඇගයීමට ලක් විය යුතු වේ.
  • මාධ්‍ය කාලානුක්‍රමිකව පුදුමාකාර විපරිවර්තනයකට බදුන් වී ඇත. තරගකාරී වාර්තාකරණය නිසා අපරාධ මෙන්ම අවර ගණයේ රසිකත්වයද ග්‍රාහකයා තුළ වර්ධනය වේ. පනතෙන් පමණක් මෙ සියල්ල යහපත් ලෙස වෙනස් කළ නොහැකිය. මීට වඩා වෙනස්,කඩිනම් ක්‍රියාමර්ග අවශ්‍ය වේ.
  • රාජ්‍ය සේවා කොමිසමේ අත්දැකීම් සමග පෙනෙන්නේ මෙම පනත ලංකාවේ ක්‍රියාත්මක වීම පිළිබද විශ්වසනීයත්වය්ක් නොමැති බවයි.මෙවැනි ස්වාධීන ආයතන බටහිර දියුණු රටවල වපසරියෙහි මිස ලංකාවේ යථාර්ථයක් නොවනු ඇත.
  • මේ ආයතන ක්‍රමවේදය මාධ්‍ය කරුවන් දඩයම් කරන යාන්ත්‍රණයක් බවට පත්වේද යන්න පැහැදිලි විය යුතුයි.
  • රටේ නීති සම්පාදකයා ලෙස නොනිල බලයක් අත් කරගැනීමට වත්මන් ජනමාධ්‍ය සමත්ව සිටී.රජය ඇතුළු සිවිල් වැසියා වෙනුවෙන් යුක්තිසහගත,සාධාරණ,දැනුවත් වටපිටාවක් ඇති කිරීම ජනමාධ්‍ය යේ වගකීම බව වටහා දිය යුතු වේ.
  • යෝජිත මණ්ඩලය සදහා ප්‍රතිපාදන සැපයෙන්නේ පාර්ලිමේන්තුව මගිනි. එයින් අනවශ්‍ය රාජ්‍ය මැදිහත්වීමක් සිදුවේද යන්න අවධානයට ලක් කළ යුතු වේ.
  • මෙබදු ව්‍යවහාර සංග්‍රහයක් රජයේ මැදිහත් වීමෙන් සිදුවනතුරු නොසිට මාධ්‍ය සමාජය සක්‍රීයව දායකව නිර්මාණය කරගන්නට උත්සුක වෙමු.

More Works