වෘත්ති මාධ්ය තත්ත්ව පිළිබදව ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද පුරවැසි සාකච්ජාව මී පුර කතිකාව

කතිකා 08_ ප්රවෘත්ති මාධ්ය තත්ත්ව පිළිබදව ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත පිළිබද පුරවැසි සාකච්ජාව

වෙලාව - ප.ව. 3.30_5.45

දිනය - 2017_24_සෙනසුරාදා

ස්ථානය _ කාදිනල් කුරේ මධ්යස්ථානය, තම්මිට.

පහසුකම් සම්පාදනය- ජනමාධ්ය ප්රතිවqහගතකරණය සදහා වන ජාතික ලේකම් කාර් යාලය

ජනමාධ්ය නියාමනය පිළිබද හා උක්ත කෙටුම්පත සම්බන්ධව බස්නාහිර මීගමුව පළාත්වාසී පුරවැසියන්ගෙන් ඉදිරිපත් වුණු අදහස් , යෝජනා හා මතවාද

  • මෙම පනත මීට පෙරාතුව අධ්‍යයනය කරනට ලැබුණේ නම් වඩා සුදුසුයි. මෙහි සාකච්ජා වූ පරිද්දෙන් මාධ්‍යවේදිka සම්බන්ධ ගැටලු තිබේ. එහෙත්, ඊට වඩා බරපතළ ගැටලුව ඇත්තේ ආයතන සම්බන්ධවයි. මැතකදී වූ "දිවුලපිටිය "සිදුවීම හොද උදාහරණයකි. පස් කපපු මිනිහාත්, උදව් දුන් අයත් බේරුණු අතර අවසානයේ අපට සිදුවූයේ ආයතන පවසන ආකාරයට අනෙක් පාර්ශවය පසුපස දුව යමින් මාධ්‍ය ආවරණයටයි.
  • සාමාන්‍ය ප්‍රේක්ෂ්කයනa f,i ප්‍රවෘත්ති නරබන්නට යාමේදී පැය1/2 න් විනාඩි 15 ක්ම වෙළෙද දැන්වීම් සදහා වෙන්වෙයි. එalSh ධාරණාවකින් ප්‍රවෘත්ති නැරබීමට එය මහත් බාධාවකි.
  • සමාජ ක්‍රියාකාරිකයන් ලෙස අපට පෙනී යන්නේ,මහජන ප්‍රශ්නවලදී හා අත්‍යවශ්‍ය අවස්ථා වාර්තාකරණයේදී ජනමාධ්‍යවේදSka ප්‍රශ්නය අසලට පැමිණුනද එය නිවැරදිව වාර්තා නොකරති. නිවැරදි හා සත්‍ය වුවද ප්‍රවෘත්ති සමබර නොවන ගැටලුවද බෙහෙවින් දක්නට ලැබේ. අප අපේක්ෂා කරන්නේ යහපත් මාධ්‍ය සංස්කෘතියකි.
  • මෙම ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වනු ඇත්දැයි නොදනිමි,එක් අමාත්‍යවරයෙක් සම්බන්ධව මාධ්‍යවේදීන් ඇති කළ ප්‍රශ්නකාරී තත්ත්ව ගැන,ප්‍රමිතිය ගැන ගැටලු තිබේ. මුදල් හබා යන මාධ්‍යවේදීන් පිළිබදවo ඒ හා සමාන ගැටලු ඇත. එක් මාධ්‍යකරුවෙක් හා ඒ වටා f.dනු වුණු කීපදෙනෙක් නිසා අන්‍ය ජනමාධ්‍යවේදීන්ගේ ශක්තියද හීන වෙයි.යෝජිත මණ්ඩලයට මෙබදු ප්‍රශ්නකාරී මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හැදුනුම්පතට/අවසරයට බලපෑමක් කළ හැකිද?
  • දැන් කලක් තිස්සේ මාධ්‍ය ආයතන කීපයක් එක්ව රජයේ එක් ප්‍රබල අමාත්‍යවරයෙක් පසුපස ලුහුබැදීම අරබා ඇත. ඔහු යන එන හැමතැනම ද, නිවසේදී o ආරාධනාවකින් තොරව ද කඩා පැන මෙකී මාධ්‍යවේදීන් අදාළ නොවන ප්‍රශ්න විමසනු පෙනේ. කලින් රජයේ ඇමතිවරු මෙන් සුදු වෑන් සංස්කෘතියක් බිහි නොකළ නිසා හෝ රූපවාහිනියට පැන ඔලු නොපැලු නිසා එවන් සිද්ධියක් ඇති කරගැනීමට ජනමාධ්‍යවේදීන් දරන උත්සාහයක්ද මේ?ඔවුන් රජයට බල කරන්නේ එවන් සිද්ධියක්ටද? නැත්නම් ත්‍රස්තවාදයටද?මෙබදු සිදුවීම් අරබයා මර්දනයක් නොවන වාරණයක් පනතෙහි නැද්ද?
  • මෙහි අද පවතින්නේ මහජන කතිකාවක් ම නොවේ. මෙතැනට මූලිකවම ගොනුව සිටින්නේ එක්තරා සාමූහික විශ්වාසයකින් බැදුණු ගවේෂණශීලි වාර්තාකරුවන් හා දේශපාලකයන් පිරිසකි. ජනමාධ්‍ය ය හතරවෙනි ආණ්ඩුව ලෙස පිළිගන්නා බව සත්‍යයකි. එහෙත් ,පුරවැසියන් ලෙස අපි අසරණ ව සිටිමු. පෞද්ගලිකව මා අයත්වන්නේ පාවෙන ජන්ද ගණයටයි.වගකීම්සහගත පුද්ගලයෝ අත් බැද බලා සිටිති.
  • මීගමුව කොච්චිකඩේ පාරිසරික ගැටලු වාර්තාකරණයට රජයේ මාධ්‍ය සහ මාධ්‍ය මුදලාලිලා ගේ ආයතන පැමිණේ. ත්‍රිකෝණයද,කොම්බුවද, නැගෙනහිරින් පායන නාලිකාවද පැමිණි විට අප ඉල්ලන්නේ රජයට මෙහි සත්‍ය අනාවරණය කරන්නයි. සත්‍ය තොරතුරු කෙතරම් ලබා දුන්නත්, අප සේවා ගාස්තුවක් මාධ්‍යවේදීන්ට දුන්නත් හවස ප්‍රවෘත්ති නරබද්දී වාර්තා කරන්නේ වෙනකකි. බහුතර මාධ්‍යවේදීන් ගැන අපේ විශ්වාසය කඩවී අවසන් ය. ඔබ මෙහි සදහන් කළ අන්දමට ජනමාධ්‍යවේදීන් හැසිරෙන්නේ නම් හොදයි. කෙතරම් විවේචන ඇතත් පසුගිය රජයට වඩා මේ රජයේ පාලනයත් තරමක් හොදයි.
  • එක්තරා රාජ්‍ය ආයතනයක කටයුතු කරද්දී, ජනමාධ්‍යවේදීන්ට වාර්ෂිකව තෑගි ගෙන යාම භාර වූයේ මටයි. තෑගි වවුචර් ගෙන ගිය විට දිනපොත පමණක් ගෙන තෑගි හරවා එවූ එකම මාධ්‍යවේදියා ලෙස ගෞරවයෙන් මතක් කළ හැක්කේ පෝද්ද්ල ජයන්ත පමණි.අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතරද ඒකාධිකාරයක් පවතී.ප්‍රවෘත්ති කාමරයෙන්ද ඔවුන් වෙත විවිධ විධාන ලැබේ. එවිට වාර්තාකරණයේදී නොයෙක් අර්බුද මතුවනු වළකනු නොහැකිය.අනතුරකදී වුව වාර්තා කරන්නට උත්සාහ කරන්නේ නරකම ස්වභාවයයි.එක් පෞද්ගලික ආයතනයක් ඩෙන්ගු රෝගය ගැන දැනුවත් කිරීම්ට විනාඩි දෙකක් වැය නොකළේය. මාධyවේදීන් තුළ විනයක් ගොඩ නගා ගත යුතුයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ආයතන කිහිපයකට නොව, එකකට පමණක් සේවය කළේ නම් අර්බුද,ගැටුම් අවම විය හැකිව තිබිණ.
  • මාධ්‍යවේදීන්ට කරන මෙම චෝදනාවල කිසියම් සත්‍යයක් ඇත.ජනමාධ්‍යවේoSන් වෘත්තීය සුදුසුකම් සපුරන්නේද යන්නත් ගැටලුවකි.වෘත්තීය ජීවිතයක් ගත කිරීමට නිසි වැටුපක් ඔවුනට හිමි නොවේ.ප්‍රවෘත්තියක් ආවරණයට ලැබෙන්නේ රංජන්, රෝසි වැනි දේශපාලකයන් පැමිණි විටදීයි.ඒ නිසා මාධ්‍යවේදියකු සිල්ලර කඩයක් දම ගැනීම ගරුත්වයට වඩා හොදයි. ප්‍රධාන මාධ්‍යවලද එක් මතයක් හා සාධාරණයක් නැත.
  • යටත්විජිත පාලකයන් බන්දේසියක තබා නිදහස ලබාදීමෙ ප්‍රතිඵල අද අපි භුක්ති විදිමින් සිටිමු. 77 විවෘත ආර්:Sකය නිසා අද ළමා පරපුරම නොමග යයි.ජනමාධ්‍යවේදීන් ලෙස අපි බහුතරය මුදලට නොවිlsfkන්නෙමු. එහෙත් ටෙලිනාට්‍ය හා වෙළෙදදැන්වීම් , එහි හසුරුවන බස දරුවන්ට නම් උචිත නොවේ. මෙම මණ්ඩලය කක්කුටු නHdයයෙන් මිදී, ස්වාධීනව,අන්තවාදී නොවී කටයුතු කරන්නේ නම් ඉතා යහපත් ය.
  • කෙටුම්පත කලින් ලැබිණි නම් සුදුසුයි.මාධ්‍ය කටයුතු කරන්නේ තම පන්ති ස්ථාවරය අනුවයි. එහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අර්බුදයට යයි. ස්වයං නියාමනයක් සිදුවන්නේ නම් හොදයි. යහපාලන රජය ගැන විවේචන තිබේ, අයහපාලනය නම් ගර්භාෂයෙන් යහපාලන රජය බිහිවීම මේ සියලු ප්‍රශ්නවලට හේතුවයි. කෙටුම්පතට හා මීපුරට ස්තුතියි.
  • මෙම සාකච්ජාවේදී මාධ්‍යවේදීන්ට වැඩි අවස්ථාවක් ලැබේ නම් හොදයි. මාධ්‍ය සාක්ෂරතාව ගැන අපට ප්‍රශ්න තිබේ.විශ්වවිද්‍යdල සිසුන් දෙදෙනෙක් කළ පර් යේෂණයකට අනුව මෑතකදී ප්‍රවෘත්ති විකාශනයේ විනාඩි 32 න් විනාඩි 20 ක්ම wdh;kj, සත්කාරවලට වෙන්වේ.
  • මාධ්‍යවේදීන්ට බණින නමුත්, ඔවුන්ගේ වෘත්තීය පුහුණුව සදහා ස්ථානයක් නැත. අවම සුදුසුකම් මොනවාදැයි නිර්ණය කර නැත. ඇගලුම් කම්හල් සේවකයෙකුට හිමි අවම වැටුපද අහිමිය.
  • මෙහි සභාපති ධූරය සදහා, ශ්‍රී ලංකා නීති{ සංගමයේ සභාපති ම පත් කරනු අවශ්‍ය නැත. ජනමාධ්‍යකරණයෙහි නිරත වන නීති{යකු ට එම තනතුර භාරගතහැකිය.එසේ නොවන්නේ නම්, වෙනත් බලපෑම් වලට මණ්ඩලය ඉදිරි කාලයේදී නතු වනු ඇත.මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සාධාරණ බව පෙනේ.
  • දැනට පවතින පුවත්පත් පැමිණිලි කොමිසම අසාර්ථක යාන්ත්‍රණයකි.
  • ජයවීර මහතාගේ කැපවීමෙන් තැනුණු මෙම කෙටුම්පත මීට වඩා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා මාධ්‍යවේදීන් අතර සංවාදයට ලක් විය යුතුයි. මූලිකවම ගැටුම ඇත්තේ මාධ්‍යවේදීන් හා ප්‍රධානීන් අතරය.
  • සමහර කැමරාව පමණක් හැසිරවිය හැකි මාධ්‍යවේදීන්ට පිටපතක අකුරක්වත් ලියාගන්නට නොහැකියි.ඔවුන් හුදු කැමරාකරුවන් මිස ජනමාධ්‍යවේදීන් නොවේ. ඒ නිසා මෙරට ජනමාධ්‍යවේදීන් සදහා ඉක්මනින් ප්‍රවීණතාවක්/සමර්ථතාවක්/ පරීක්ෂණයක්/බලපත්‍රයක් අවශ්‍ය වෙයි. ජනමාධ්‍යවේදීන්ට වඩා කඩිනමින් එය දේශපාලකයන්ට අවශ්‍ය වේ.
  • මෙම කෙටුම්පත වෙනස්වන ලාංකීය සමාජයට ගැළපෙන එකක් මිස යටත් විජිත සමයේ තැනූ ආයතන සංග්‍රහය මෙන් පාෂාණිභූත වූවක් නොවිය යුතුයි. සාමාන්‍ය මනුෂ්‍ය යාගේ අවශ්‍යතා ඉටු කරන රටේ සාමය සංහිදියාව සුරකින ලෙස එම නීති සම්පාදනය විය යුතුයි.
  • ජනමාධ්‍යවේදියකු වීමට වඩා පල්ලියේ පියතුමෙක් වීම පහසුයි. ජනමාඩ්‍ය පුහුණු ආයතනයක් ස්ථාපිත කළ යුතුව ඇත.වෙනත් රටවලට සමානව බුද්ධිමත්,ස්වාධීන ආයතනයක් වීමද සුදුසුයි
  • පුවත්පත් මණ්ඩලය ආරම්භ කරන දිනයේ පියතුමෙක් ඊට ආශිර්වාද කරන්නට ඇති. අද එහි මළගමත්, යෝජිත මණ්ඩලයේ ඇරබුමත් සටහන් වෙද්දී අපිත් ඊට ආශිර්වාද කරන්නට රිසියි. jro we;af;a ජනමාධ්‍ය w; නොවේ,ජනමාධ්‍ය ආයුධයක් කරගත් සියලු රජයන් ය.
  • ජනමාධ්‍යවේදීන් හා දේශපාලකයන් එක් පාර්ශවයක් නියෝජනය කර මහජනයා ඉදිරියේ රගපාන්නේ පුරවැසියන් ගොන්නු සේ කල්පනා කරමිනි.මේ යෝජිත මණ්ඩලය කුකුළන් නරියාට භාරදෙන අලුත් කොටුවක් මෙනි. ජනමාධ්‍යවේදීන් සමග කටයුතු කරනට දේශපාලකයන් හා ව්‍යපාරිකයන් හැර වෙනත් මාර්ගයක් සොයාගත යුතුය. නායකයන්ට මෙන් නොව ගම්බද මිනිසුන්ට දේශපාල්න න්‍යආය පත්‍ර නැත.
  • කුණු කාණුවක් වැනි සමාජයකින් මඩෙන් පිපෙනා නෙළුම් මල් පූදින සේ පිරිසිදු මාධ්‍යකරණයක් අපේක්ෂා කිරීම අසාධාරණය.එසේම මෙම යෝජිත ආයතනයද අනෙක් ස්වාධීන කොමිසම් සභා මෙන් අසාර්ථක විය හැක්
  • මෙවැනි මණ්ඩලයක් සම්බන්ධව මහජන අදහස් විමසීම වැදගත් ය.රජය උනන්දු වීමද යහපත් තත්ත්වයකි.නමුත්, ව්‍යවස්ථාව සහ සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් රට පුරා මෙවැනි අදහස් ලබාගැනුණද, ඒවා රජයේ ප්‍රසාදයට ලක්වූවෙවත්,ක්‍රියාත්මක වූවේවත් නැත. මාධ්‍ය සම්බන්ධ මහජන මතය සම්මත කරගැනීමට රජය සූදානම්ද?
  • කෙටුම්පත සම්මත වුවත් අතුරුදහන් වූවන්ගේ පනත මෙන් ජනාධිපති මහතා අදාළ අමාත්‍යවරයාට බලය නොපවරා සිටියහොත් උද්ගත වන්නේ කවර තත්ත්ව් යක්ද?
  • මාධ්‍යවේදීන් ලබාදෙන්නේ මහජනතාවf.a බලාපොරොත්තුයි.ඒ අතින් ගත් කල , වඩා සවුත්තු ජනතාවද යන්න කල්පනාවට ගත යුතු වේ.කෙසේ වෙ;ත් මාධ්‍ය යේ ප්‍රමිතිය වැඩි කිරීම ඉතා සුදුසුයි.
  • එ.ජා. සංවිධානය දරන ලෝකය ස්වර්ගයක් නොවQK;a අපායට නොවැටී isgsuqh hkak මාධ්‍ය සම්බන්ධයෙන්ද අදාළයි.ස්වාධීන කොමිසම්සභාවලින් අපේක්ෂා කෙරුණ දේ අද වනතුරු ඉටුවීද යන්න ජනතාවට ප්‍රශ්නයක් ව තිබේ.
  • මෙම ආයතනවලට පත්වෙන පුද්ගලයින් ගේ ප්‍රගති සමාලෝචනයක් හෝ ඇගයුමක් සිදු නොවීම ස්වාධීන කොමිසම් සභාවල අසාර්ඨකභාවයට තුඩු දෙන හේතුවකි.අවු. 3 කට වරක් නොව මෙම කෙටුම්පත වාර්ෂිකව සංශෝධනය වඩා උචිත යැයි හැගේ. ජනතාව,මාධ්‍ය මෙන්ම දේශපාලකයන්ද ඊට සූදානම් වී සිටිය යුතුයි. මෙමගින් පනත මෙන්ම ආයතන ව්‍යහයේ වැරදි සොයා යන්නට නොව th වැඩි දියුණු කිරීම අපේක්ෂිතය.
  • මණ්ඩලයේ සාමාජිකයන් 13 ට බිම් මට්ටමේ පුරවැසි අදහස් සම්බන්ධව දැනුවත් කරනු පිණිස කලාප මට්ටමෙන් උප මණ්ඩල නිර්මාණය උචිතයි. මණ්ඩලයට වඩා වැඩි සංවර්ධනාත්මක ප්‍රවේශයක් ගනු පිණිස එමගින් ලැබෙන ප්‍රතිපෝෂ්ණය වැදගත් වනු ඇත.
  • මෙබදු මණ්ඩල,කොමිසම්,ආයතන විසදුම් ලෙස ගෙනාවත්, පියාට දඩුවම් කරනට පුතා සූදානම්ද?පවත්නා නීතිය ප්‍රමාණවත් ය. අවශ්‍ය වන්නේ එකී නීතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු වන කශේරුකාවක් සහිත පුද්ගලයන් පමණි.එබදු පුද්ගලයන් 100 ක් සොයා ගැනීමම සෑහේ.
  • ධීවරයන්ගේ ගැටලුවලට විසදුම් සොයාගැනීමට අපට මාධ්‍ය ආවරණය දැඩිව අවශ්‍යයි. වරාය නගරය ව්‍යපෘතිය නිසා අපටත්, රටටත් වන හානිය අපමණයි. නමුත් පුරවැසියන්ට අපගේ විවේචනය දැනෙන්නේ උද්ඝෝෂණයක් කළහොත් පමණි.රටෙ පුරවැසියන් නොදන්නෙ නමුත්, මෑතදි සිදු වු නාය යාම් හා පරිසර දූෂණ ක්‍රියාවලි අතර සම්බන්ධය පිළිබද ව පුරවැසියන් දැනුවත් කිරීම මාධ්‍ය යේ වගකීමකි.
  • මෙරට මාධ්‍ය යේ ස්වභාවය හදුනා ගැන්මට,ලන්ඩන් නුවර ගින්න හා මෙරට ව්‍යසන මාධ්‍ය වාර්තා කළ ආකාරය ප්‍රමාණවතah'a.සොරකම,දූෂණය්,මැරකම ගැන මුල සිට අගට පුවත්පත්වල දැක්වේ.පළ කරන ජායාරූප මගින් වුව පුද්ගලයින් හදුනාගත හැකියි. සඉටම් ප්‍රශ්නයේදී වුවත් ඊයෙ නොයෙක් මාධ්‍ය වාර්තා කළේ තමන්ට රිසි එක් පාර්ශවයක් පමණයි. මේ සම්බන්ධව සාධාරණ ලෙස නීති ක්‍රියත්මක විය යුතුයි.

More Works